ලෝකයේ ශාපලත් චිත්‍ර



අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ මේ ලෝකේ ශාප ලත් චිත්‍රයන් පිළිබඳවයි. මොනවද මේ ශාපලත් චිත්‍ර කියන්නේ, උදාහරණයක් විදිහට ගත්තොත් යම් පුද්ගලයෙක් යම්කිසි චිත්‍රයක් චිත්‍ර ප්‍රදර්ශනයකදී හෝ වෙන‍යම් තැනකදී දැකලා ඒක තමා සතු කරගත් පසු යම් යම් අත්භූත සිදුවීම් සිදුවනවා, චිත්‍රේ ඇඳපු පුද්ගලයා අබිරහස් ලෙස මියයනවා. නැතහොත් චිත්‍ර මිලදී ගත් මිනිසුන් මිය යනවා. ලෝකයේ මෙන්න මෙවැනි චිත්‍ර පිළිබඳවයි අද අපේ කතාව.
ස්කොට්ලන්ඩ් ජාතික චිත්‍ර ශිල්පියෙක් විසින් ඇදපු මේ චිත්‍රය ඇඳලා ටික දවසක් ගියාට පස්සේ මේ චිත්‍රශිල්පියගේ බිරිඳ පිළිකාවක් නිසා මියයනවා. ටික කාලයක් ගියහම මේ චිත්‍රශිල්පියාගේ පුතාත් කිසිම හේතුවක් නැතුව සියදිවි හානි කරගන්නවා. ඊටත් ටික කාලෙකට පස්සේ මේ චිත්‍ර ශිල්පියාවත් කවුරුහරි ගේ අතුලෙදිම ඝාතනය කරලා තියනවා. මේ චිත්‍රය ඇසින් දැකපු ගොඩක් අය කියන්නේ මේ චිත්‍රය දැක්ක ගමන් හිසරදය , වමනය වගේ පීඩාකාරී තත්වයක් අතිවෙන බවයි.
ලවුරා
ලවුරා කියන චිත්‍ර ශිල්පියා පාරේ යනකොට දකිනවා චායාරූපයක්. මේ චායාරූපය මේ පුද්ගලයා සල්ලි දීලා අරන් ඇවිල්ලා මෙයා මේක චිත්‍රයක් විදිහට අඳිනවා. මේ චිත්‍රේ ඇඳලා ඉවර වුනාට පස්සේ මෙයා දකිනවා හිස නැති පුද්ගලයෙක් මේ චිත්‍රයේ ඉන්නවා. චායාරූපය දිහා බලාගෙන මේ විදිහටම මෙයා මේ චිත්‍රය අවසන් කරනවා. ඊට පස්සේ මේ චිත්‍ර ශිල්පියා මේ චිත්‍රය ආයතනයේ බිත්තියේ එල්ලනවා. මේක එල්ලපු දවසේ ඉදන් ඔෆිස් එකේ විවිධාකාර ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගන්නවා. සේවකයන් අතර, ප්‍රධානීන් අතර ප්‍රශ්න සහ රාජකාරී වැඩවල විවිධ අක්‍රමිකතා ඇතිවෙලා තියනවා. පසුව මේ චිත්‍රය නිසා ඔෆිස් එකේ ප්‍රශ්න එන බව දැනගෙන මේ චිත්‍රශිල්පියා මේක ගෙදර කාමරයේ එල්ලගෙන තියනවා. ඊට පස්සේ හමදාම රෑට කවුරුහරි පුද්ගලයෙක් අඬන ශබ්දයක් මෙයාට ඇහිලා තියනවා. ඉතින් මේ චිත්‍ර ශිල්පියාට හිතුනලු මේ චිත්‍රයේ තමයි මොකක් හරි වැරැද්දක් තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙයා මේ චිත්‍රය ගැන යාළුවෙක්ට කියලා තියෙනවා. ඒ යාලුවා කියලා තියෙන්නේ, මේ චිත්‍රයේ ඇඳලා තියෙන ඔළුව නැති පුද්ගලයාගේ ආත්මය වෙන්නැති කියලා ඒ රෑට අඬන්නේ. ඒක කියල ටික කාලෙකට පස්සේ එයාගේ යාළුවයි මේ චිත්‍ර ශිල්පියයි දෙන්නම කාර් ඇක්සිඩන්ට් එකකින් මැරිලා තියෙනවා.
 
ගාලන්ඩ්
පොඩි ළමයෙක් ඉන්න ලස්සන චිත්‍රයක් තමයි මේක. මේ චිත්‍රයේ ක්‍රිස්කිල් කියලා එක්තරා තරු තුනක හෝටලයක තමයි තිබිලා තියෙන්නේ. මේක ගෙනල්ල තිබ්බ දවසේ ඉඳන් මේ හෝටලේ විශාල ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා.උදාහරණයක් හැටියට කවුරු හරි යුවළක් ආවම කාන්තා පාර්ශ්වය මොකක් හරි හේතුවක් නිසා සියදිවි නසා ගන්නවා. ඒ වගේම තමයි මේ චිත්‍රය දැක්කම ලොකු ආකර්ෂණයක් මේ මිනිස්සුන්ට ඇතිවෙනවලු. මිනිස්සු මේ චිත්‍රයට ගොඩාක් ළංවෙලා මේ චිත්‍රයේ ඇස් දෙක දිහා බලනකොට විශාල දුකක් වගේම විශාල බරක් හිතට දැනෙනවලු. ඒක ලඟට ගියාම අසාමාන්‍ය සීතලකුත් දැනෙනවලු. තවත් සමහර අයට පෙනිලා තියෙනවා මේ ළමයාගේ ඇස් දෙක චලනය වෙනවා. හෝටලේ ඉතිහාසය ගැන හොයාගෙන යනකොට තමයි දැනගෙන තියෙන්නේ මේ හෝටලේම බැල්කෙනි එකෙන් පොඩි ළමයෙක් බිමට වැටිලා මැරිලා තියෙනවා කියලා. ඒ ළමයාගේ ආත්මය තමයි මේ චිත්‍රයේ ඉන්නේ කියලා තමයි විශ්වාස කරන්නේ. 
 
Edward Munch
මේ චිත්‍ර ශිල්පියාගේ පවුලේ හැමෝම ක්ෂේ රෝගය හැදිලා තමයි මැරිලා තියෙන්නේ. ඉතින් ඒකෙ බලපෑම මෙයාගේ චිත්‍රවලිනුත් පෙන්නුම් කරනවා. කවුරු හරි කෙනෙක් ක්ෂය රෝගය හැදිලා මැරිලා ඉන්න විදිහට තමයි මෙයා චිත්‍ර ඇඳලා තියෙන්නේ. මේ චිත්‍රයේ හැටියට අම්මා කෙනෙක් ඇඳේ ඉන්නවා. පොඩි ළමයෙක් කන් දෙක වහගෙන ඉන්නවා. ඉතිං මේ චිත්‍ර ශිල්පියා මේ චිත්‍ර ඇඳලා ප්‍රදර්ශනයක තියෙනවා. මේ චිත්‍රය දකින හැම මනුස්සයාම අසාමාන්‍ය විදිහට අඬන්න පටන් ගත්තලු.  මේ කන් දෙක වහගෙන ඉන්න ළමයාගේ ඇස් දෙක දැක්කම එයාලට දරාගන්න බැරි තරම් දුකක් ඇති වෙලා තියෙනවා. තවත් අයට මේ චිත්‍රයේ ඉන්න මැරිච්ච අම්මා ඇස් දෙක වහල අරිනවා වගේත් පෙනිලා තියෙනවා. මේ චිත්‍ර ශිල්පියාගේ අම්මා සහ දුව දෙදෙනාම නැතිවෙලා තියෙන්නේ ක්ෂය රෝගයෙන්. ගොඩක් අය කියන්නේ මේ මැරිච්චි අම්මගේ දුවගේ ආත්ම තමයි මේ චිත්‍ර ඉන්නේ කියලා. 
 
බිල් ස්ටෝං හම්
මේ චිත්‍රය පෙන්නන ආකාරයට ජනේලයක් ඉදිරියේ පොඩි ළමයෙක් හිටගෙන ඉන්නවා. එයාගේ බෝනික්කත් හිටගෙන ඉන්නවා එයාගේ පිටිපස්සෙන් කළුවරින් අත් හුඟක් මෙයාලව අල්ලන විදිහට තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. මේ චිත්‍රය ඇඳලා ඉවරවෙලා මේ චිත්‍ර ශිල්පියා මේ චිත්‍රය චිත්‍ර ප්‍රදර්ශනයක ගෙනිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ දවස්වල හිටපු ජොනි කියලා නළුවෙක් මේ චිත්‍රය සල්ලි දීලා ගන්නවා. ඊට පස්සේ ඒ නළුවා ටික කාලෙකින් රිය අනතුරකින් මැරෙනවා. ඊට පස්සේ මේ චිත්‍රය ගැන පත්තරයකට ලියපු පුද්ගලයෙක් එයත් ටික කාලයකින් මැරෙනවා. මේ චිත්‍රය චිත්‍ර ශිල්පියාගේ ගෙදර ඉඳගෙන චිත්‍ර ප්‍රදර්ශනයට අරන් ගියපු පුද්ගලයාත් මැරෙනවා. මේ වගේ මේ චිත්‍රය මිලදී ගන්න අය වගේම මේ චිත්‍රය ගැන කතා කරන අයත් මැරෙනවා. ඊටත් පස්සේ එක යුවළක් මේ චිත්‍රය මිලදී ගන්නවා ඒ යුවල අවාසනාවන්ත විදියට රිය අනතුරකින් මරණයට පත්වෙනවා. 
 
ජයනි සිතාරි අල්විස්

RECOMMEND POSTS