ගුවන් කාර්ය මණ්ඩලයට සංඥා භාෂාව



සෞදි අරාබියේ flynas ගුවන් සමාගම සිය කාර්ය මණ්ඩලයට සංඥා භාෂාව ඉගැන්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සෞදි ශ්‍රවණාබාධ සංගමය සමඟ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සමානව සැලකීමට ෆ්ලයිනාස් ගුවන් සමාගමේ කැපවීම අවධාරණය කරන බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

සංඥා භාෂාව ප්‍රගුණ කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රවණාබාධ ඇති ගුවන් මගීන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට ෆ්ලයිනාස් ගුවන් කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

ශ්‍රවණාබාධිත පුද්ගලයින් ගුවන්යානයට පිළිගැනීමෙන් පසු එහි සිදුවන සෑම ක්‍රියාවලියක්ම නිසියාකාරව සිදුකරීම සඳහා අවශ්‍ය වන සන්නිවේදනයේ විවිධ කොටස් මෙම පුහුණුවට ඇතුළත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS