850කට පුරවැසිභාවය අහිමි වෙයි



කුවේට් පුරවැසියන් 850 දෙනෙකුගේ පුරවැසිභාවය අහෝසි කිරීමට කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර පුරවැසිභාවය ලබාගත් පුද්ගලයින් සහ විවිධ වැරදිවලට වැරදිකරුවන් වූ පුද්ගලයින් මෙම පිරිසට අයත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

සිය ක්ෂණික ඇමතුම් අංකය හරහා ලැබෙන පැමිණිලි අඛණ්ඩව ක්‍රියාවට නංවන බැවින් පුරවැසිභාවය අවලංගු කිරීම් ඉදිරියේදී සිදු වන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS