ඊශ්‍රායලයට පහර දෙන්න ඉරානයට අයිතියක් තියෙනවා



ඉරානයේ ස්වෛරිත්වයට තර්ජනයක් වෙන්නේ නම්, එම තර්ජනය හමුවේ ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඉරානය සතු බව එරට නව ජනාපධිති මධ්‍යස්ථමතධාරී මසූඞ් පෙසෙෂ්කියන් පවසයි. 

ඉරාන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සමඟ දුරකතන කතාබහකින් පසුව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මේ වනතුරු ඉරාන ජනාධිපති ධුරයට තේරී පත් වූයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ අනුමැතිය හිමි දැඩි අන්තවාදී අදහස් ඇති ජනාපධිතිවරුන්ය. 

කෙසේ නමුත් පසුගිය ඉරාන ජනාපධිතිවරනයෙන් තේරී පත් වුණු මධ්‍යස්ථමතධාරී මසූඞ් පෙසෙෂ්කියන් උත්සාහ ගනිමින් සිටින්නේ ඊශ්‍රායලය සමඟ ගැටුමක් ඇති කර නොගෙන සිටීමටය. මේ නිසා, ඉරාන විප්ලවීය හමුදාව සහ පෙසෙෂ්කියන් අතරේ අර්බුදකාරී තත්ත්වයක් ද නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එසේ වුවත්, ඉරානයට තර්ජනයක් එල්ල වන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීම ඉරානයට ඇති අයිතියක් බව පෙසෙෂ්කියන් අවාධාරණය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

 ‘අප හැමවිටම උත්සාහ ගන්නේ දේශපාලනික රාමුවක් තුළ සාකච්ඡා පවත්වා ගැටලු විසඳා ගැනීමටයි. ඒත් රටේ ආරක්ෂාවටත් ස්වෛරීත්වයටත් එරෙහිව තර්ජනයක් එල්ල වන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය අපට තිබෙනවා’ යැයි ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් පැහැදිලි කර ඇත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS