පළමු දිනයේ ඉවත් කළාට 100,000 වන්දියක්



එමිරේට්ස් සමාගමක් පළමු දිනයේදීම සේවිකාවක්ඉවත් කිරීම සම්බන්ධයෙන් ඩිරාම් 100,000ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

ඩිරාම් 31,000 ක මාසික වැටුපක් ලබාදෙන බවට අදාල සමාගමෙන් පොරොන්දු වී ඇති අතර, සමාගමේ ඉල්ලීම මත ඇය පෙර රැකියාවෙන් ඉල්ලා අස්වී සේවයට පැමිණ ඇත.

කෙසේ වෙතත්, සමාගම සාධාරණ පැහැදිලි කිරීමකින් තොරව රැකියාවෙන් ඉවත්කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇය කම්පනයට පත් විය.

ඇයපෙර රැකියාවෙන් ඉල්ලා අස්වී සේවයට පැමිණීමෙන් පසු, සාධාරණීකරණය කිරීමකින් තොරව රැකියාවෙන් ඉවත් කිරීමට සමාගම ගත් තීරණය, සමාගමේ පැත්තෙන් පැහැදිලි වරදක් සිදුකර ඇති බව අධිකරණය ප්‍රකාශ කර අදාල වන්දි මුදල ගෙවන ලෙස සමාගමට නියෝග කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS