සිරියාවට නව තානාපතිවරයෙක්



සෞදි අරාබිය සිරියාවට නව තානාපතිවරයෙකු පත් කර ඇති බව වාර්තා වේ.

සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් 2012 වසරේදී සිරියානු සෞදි තානාපති කාර්යාලය වසාදැමීමට සෞදි අරාබිය කටයුතු කළේ ය.

සිරියාවේ නව  තානාපතිවරයා ෆයිසාල් අල් මුජ්ෆෙල් පත් කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

වසර දහයකට වැඩි කාලයක් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා බිදවැටුණු අතර, 2024 මුලදී සිය තානාපති කාර්යාලය සිරියාවේයළි විවෘත කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS