ජෝර්දාන කුමරුන්ට මංගල සීනු



ජෝර්දානයේ ඔටුන්න හිමි හුසේන් බින් අබ්දුල්ලා කුමරුගේ විවාහ මංගල උත්සවය අම්මාන් අගනුවර, සහාරාන් රජ මාලිගයේදී පැවැත්විණි.

හුසේන් බින් අබ්දුල්ලා කුමරුන්ගේ අත ගත්තේ සෞදි ජාතික තරුණියකි. ඇය වෘත්තීය ගෘහ නිර්මාණ ශිල්පිණියක වන රාජ්වා අල් සායිෆ් ය.

හුසේන් බින් අබ්දුල්ලා කුමරු, අබ්දුල්ලා රජුගේ වැඩිමහල් පුත්‍රයාය. අබ්දුල්ලා කුමරු මෙන්ම, රාජ්වා අල් සායිෆ් ද 28 හැවිරිදි වියෙහි පසුවෙති.

විවාහ මංගල උත්සවයට ජෝරාදාන රජ පවුලේ සාමාජිකයන්, රාජ්වා අල් සායිෆ්ගේ පවුලේ සාමාජිකයන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

විවාහ මංගල උත්සවයට සහභාගී වූ අමුත්තන් ගණන 140 කි. ඔවුන් අතරේ බ්‍රිතාන්‍යයේ වේල්සයේ කුමරු සහ කුමරිය වන විලියම් සහ කේට් යුවළ මෙන්ම ඇමෙරිකා ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ද සිටියහ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS