එමිරේට්ස් සෙබළු සෝමාලියාවේදී මරුට



සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හමුදා කඳවුරක සිටි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ හමුදා සොල්දාදුවන් තිදෙනකු එම කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.

ඊට අමතරව, එම කඳවුරේ සිටි බහරේන් ආරක්ෂක බලඇණියේ ඉහළ පෙළේ හමුදා නිලධාරියකු ද එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණු බව පැවැසෙයි. ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් යැයි සැක කෙරේ. ප්‍රහාරය එල්ල වූයේ ‘ජනරාල් ගෝඞ්න්’ හමුදා කඳවුරටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS