ටික්ටොක් තරුව මරා දැමේ



ඉරාක සමාජ මාධ්‍ය තරුවක් වන ඝුෆ්රාන් සවාදි පසුගිය සිකුරාදා දින රාත්‍රියේදී ඇයගේ බැග්ඩෑඞ් නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට පොලිසිය පවසයි.

බැග්ඩෑඞ් නුවරට නැගෙනහිරින් පිහිටි සයෝනා ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවත් එම වෙඩි තැබීම සී.සී.ටී.වී කැමරාවල සටහන් වී ඇති බවත් බැග්ඩෑඞ් පොලිසිය ප්‍රකාශ කළේය.

ඇය ඝාතනයට ලක්වන එම දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බවද බැග්ඩෑඞ් පොලිසිය පැවැසුවේය.

යතුරු පැදියකින් පැමිණෙන නාඳුනන තුවක්කුකරුවකු සවාදි වෙඩි තබා ඝාතනය කරන අයුරැ එම වීඩියෝවේ දැක්වෙන බවත් එම තුවක්කුකරැ අත් අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත් බැග්ඩෑඞ් පොලිසිය පවසයි.

සවාදී නර්තනයට ප්‍රසිද්ධ ටික්ටොක් තරැවක් වන අතර ඇයගේ වීඩියෝ ඉරාක සමාජයට නුසුදුසු බවට වරක් ඉරාක අධිකරණය තීරණය කළේය


RECOMMEND POSTS