ඉරාන සටන්කාමීන්ට ඇමෙරිකාව පහර දෙයි



සිරියාවේ, ඉරාන සටන්කාමීන්ගේ ඉලක්කවලට ඇමෙරිකන් හමුදාව ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. ඇමෙරිකන් හමුදා මෙසේ සිරියාවේ ඉරාන හමුදා ඉලක්කවලට පහර දෙන්නේ, ඊශ්‍රායල හමාස් අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දීය.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ පමණක් නොව, ඉරානයේ ද සහාය හිමිවෙයි. ඊශ්‍රායල හමාස් ගැටුම් ඔඩුදුවද්දී, සිරියාවේ සිටින ඉරාන සටන්කාමීන්, ඉරාකයේ සිටින ඇමෙරිකන් සෙබළුන් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ මීට සතියකට පෙරය.

එම ප්‍රහාරයෙන් පසු ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා ඉරාක සිරියා දේශසීමා හරහා, සිරියාවේ සිටින ඉරාන සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේය. සිරියාවේ ඉරාන ඉලක්කවලට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කළ තෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS