තෙල් නැවක් පෙරළෙයි: ශ්‍රීලාංකිකයන් 3 අතුරුදහන්



ඕමානයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදි කොමරෝස් ධජය සහිත තෙල් නැවක් පෙරළී ඇති බව වාර්තා වේ.

යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබියදි ඕමානයේ ප්‍රධාන කාර්මික වරායක් වන ඩුක්ම් අසලින් පෙරළී ඇත.

16 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය තවමත් අතුරුදන්ව සිටින බව ඕමාන් සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

නාවික කාර්ය මණ්ඩලයට ඉන්දියානු ජාතිකයන් 13 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළත් වූ බව ඕමාන මධ්‍යස්ථානය ට්ව්ටර් සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

නෞකාව දැනට පිහිටා ඇති ආකාරය සහ මුහුදට තෙල් කාන්දු වේද යන්න තවමත් තහවුරු කර ගෙන නොමැත.

මෙම තෙල් නැව 2007 වසරේ නිෂ්පාදනය කරන ලද මීටර් 117ක් දිග තෙල් නැවක් බව නාවික දත්ත පෙන්වා දෙයි. එවැනි කුඩා ටැංකි සාමාන්‍යයෙන් කෙටි මුහුදු ගමන් සඳහා භාවිතා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

RECOMMEND POSTS