වසර 25 කට පසු පෝලියෝ



වසර 25 කට පසුව ප්‍රථම වරට ගාසා තීරයේ පෝලියෝ රෝගය වැළඳුණු දරුවකු වාර්තා වී ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේය.

මෙලෙස පෝලියෝ රෝගය වැළඳී ඇත්තේ මධ්‍යම ගාසා තීරණයේ මාස 10 ක් වයසැති බිළිඳෙකුට බවත් ජෝර්දානයේදී කළ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසුවේය.

යුද්ධයට මැදිවුණු එම බිළිඳා කිසිඳු ප්‍රතිශක්තීකරණ එන්නතක් ලබා ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල යුද්ධය ඇරඹි පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරය තුළ අලුත උපන් බබාලා 20,000 ක් වාර්තා වී ඇති බවත් ඔවුන් ඇතුළුව ගාසා තිරයේ 640,000 ක දරුවන් සංඛ්‍යාවකට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට එළඹිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්තෝනියෝ ගුටේරස් පවසා ඇති මොහොතක පෝලියෝ රෝගය වැළඳුණු මෙම දරුවා වාර්තා වී ඇත.


RECOMMEND POSTS