ප්‍රාණ ඇපයේ සිටි 6 ක් මැරිලා



හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනකුගේ සිරුරු දකුණු ගාසා තීරයට අයත් රෆා නගරයේ උමගක තිබී සොයාගත් බවත් එම ප්‍රාණ ඇපකරුවන් හයදෙනා හමාස් සංවිධානය විසින් කුරිරු ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි හර්ෂ් ගෝල්ඩ්බර්ග් පෝලින්, 24 හැවිරිදි ඊඩ්න් යෙරුෂල්මි, 25 හැවිරිදි ඔරී ඩැනිනෝ, 32 හැවිරිදි ඇලෙක්ස් ලුබ්නොව්, 40 හැවිරිදි කාමෙල් ගට් සහ 27 හැවිරිදි ඇල්මොග් සරුසි යන ඊශ්‍රායල ජාතිකයන් පිරිසක්ය. ගෝල්ඩ්බර්ග් පොලින්, යෙරුෂල්මි, ලුබ්නොව්, සරුසි සහ ඩැනිනෝ ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ පැවැත්වමින් තිබූ නෝවා සංගීත ප්‍රසංගයේදී පැහැර ගැනිණි.


RECOMMEND POSTS