පලස්තීනුවන් 39,897ක් මරා දමලා



ඊශ්‍රායලය ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 39,897ක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

එම ප්‍රහාරවලින් 92,152 ක් තුවාල ලබා ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

පසුගිය පැය 48 තුළ පලස්තීනුවන් 142ක් පමණ ඝාතනය කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගාසා නගරයේ පාසල් සංකීර්ණයකට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවතැන් වූ පවුල් 100ක් පමණ මිය ගිය බව ගාසා සිවිල් හදිසි සේවය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ගාසා තීරය)

RECOMMEND POSTS