හමාස් සංවිධානයට නව නායකයෙක්



ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත. යහ්යා සින්වාර් ඊශ්‍රාශලයේ පරම සතුරකු ලෙස සැලෙකන අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් වඩාත් ඕනෑ කර ඇති පුද්ගලයා ලෙස සැලකෙන්නේ ද  යහ්යා සින්වාර්ය.

හමාස් සංවිධානය ඔවුන්ගේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් තෝරා ගත්තේ, එම ධුරයේ කටයුතු කළ ඉස්මායිල් හානියේ ඝාතනය වීම හේතුවෙනි.

ඉස්මායිල් හානියේ ඝාතනය කළේ ඊශ්‍රායලය බවත්, ඇමෙරිකාවේ ද සහාය ඊට හිමිවුණු බවටත් චෝදනා එල්ල වෙයි. පසුගිය ජූලි 31 වැනිදා හානියේ ඝාතනය වූයේ ඔහු ඉරානයේ සිටිද්දීය. 

“ඉස්මයිල් හනියාගේ අනුප්‍රාප්තිකයා ලෙසත් අප දේශපාලන අංශ නායකයා ලෙසත් යාහ්යා සින්වාර් තෝරා ගැනීමට තීරණය කළා.” යැයි හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

 ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ගැටුම් පවතින්නේ පසුගිය ඔක්තෝබර් 11 වැනිදා, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ද සහාය ලබා ගෙන, ඊශ්‍රායලයයට කඩා වැදී කළ ප්‍රහාරය මුල්කොට ගනිමිනි. එම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ, 61 ක් හැවිරිදි යහ්යා සින්වාර් යැයි ද පැවැසෙයි.

යහ්යා සින්වාර් හමාස් දේශපාලන අංශ නායකයා ලෙස තේරී පත්වීමත් සමඟ ඊශ්‍රායල රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යාශ පවසා ඇත්තේ, හානියේ ඝාතනය කළ ආකාරයට, යහ්යා සින්වාර් ද ඝාතනය කිරීමට තමන් පසුබට නොවන බවය.

ඉස්මායිල් හානියේ, ඉරානයේ දී ඝාතනය කිරීම සම්බන්ධයෙන්, ඉරානයත්, ඉරානයට සහාය​ දෙන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත්, ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිට. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා ඇත්තේ, ඉරානයත් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් කොයි මොහොතේ හෝ ඊශ්‍රායලයට පහර දීමට ඉඩ ඇති බවය. 

මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත්තේ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවය.


RECOMMEND POSTS