පැරණිතම චිත්‍රාගාරයක් ගින්නකින් විනාශයි



ඊජිප්තුවේ කයිරෝ නුවර ඇති වු හදිසි ගින්නකින් වසර 80 කට පෙර ආරම්භ කරන ලද චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් විනාශ වී ඇති බව වාර්තා වේ.

කයිරෝ නුවර ගීසා දිස්ත්‍රික්කයේ පිහිටා තිබූ “අල් අහ්රම් චිත්‍රාගාරය”අරාබි ලෝකයේ වඩාත්ම කීර්තිමත් සහ පැරණිතම චිත්‍රාගාරය වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නනිවා දැමීමට ගිනි නිවන භටයින්ට පැය හයකට වැඩි කාලයක් ගතවූ බව ආරක්ෂක අංශ පවසයි.

දුම් ආඝ්‍රාණය වීමෙන් රෝගී වු පුද්ගලයින් කීපදෙනෙකුට එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බවත්, ජීවිත හානි කිසිවක් මෙතෙක්වාර්තා වී නොමැති බව ආරක්ෂක අංශ වැඩිදුරටත්පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS