බයිඩන් හමුවන්න අබ්දුල්ලා රජු වොෂින්ටනයට



ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් වොෂින්ටනයේ දී පැවැත්වීමට නියමිතය.

ජෝර්දානයේ අබ්දුල්ලා රජු ඇමෙරිකාවට ගොස් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හමුවීමට නියමිතව සිටියේ, ඊශ්‍රායල හමාස් අර්බුදය සහ කටාර් රාජ්‍යය මැදිහත් වී සකස් කිරීමට උත්සාහ ගන්නා සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙනි.

ජෝර්දානය, ඊශ්‍රායලයේ අසල්වැසියාය. හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දෙද්දී, පලස්තීන වැසියන් එම ප්‍රහාරවලින් මියයෑම ජෝර්දානයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේවනවිට 28,000 පසු කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS