වංචාකර ඔටුවන්ව බලාගන්න දාලා



කුවේටයේ රැකියාවක් ලබාදෙන බව පවසා පසුව ඔටුවන්ව බලාගැනීමට ඉන්දීය ජාතිකයෙකු බලහත්කාරයෙන් යෙදවා ඇති බව වාර්තා වේ. 

ඉන්දීය ජාතිකයා කුවේටයට පැමිණි පසු කාන්තාරයේ ඔටුවන් බලාගැනීම සඳහා යොදවා ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන බව කුවේට් හි ඉන්දීය තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ 51 හැවිරිදි නම්දේව් රතෝඩ්ට කුවේට් හි නිවසක රැකියාවක් දෙන බව පවසා කුවේටයට රැගෙන ගොස් ඇත.

තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එය තම දිස්ත්‍රික් ප්‍රධානියාට යැවීමෙන් පසු කුවේට්හි ඉන්දීය තානාපති කාර්යාලයේ අවධානයට ලක් විය.

නම්දේව්ට නිරුපද්‍රිතව සිය මව් රටට යාමට හැකිවීම සහතික කිරීම සඳහා ඉන්දීය තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී සිටින බව තානාපති කාර්යාලය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS