ISIS ත්‍රස්තයින් 44 ක් මරලා



ඉරාකයේ සහ සිරියාවේ 2024 වර්ෂයේ මුල් මාස හය ඇතුලත සිදුකරන ලද මෙහෙයුම්වලින් ISIS ත්‍රස්තවාදීන් 44 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ISIS ත්‍රස්තවාදීන් 166 දෙනෙකු රඳවා ගත් බව එක්සත් ජනපද මධ්‍යම විධානය (CENTCOM) අඟහරුවාදා (ජුලි 16) ප්‍රකාශ කළේ ය.

වසරේ මුල් භාගය තුළ ප්‍රාදේශීය ආරක්ෂක හමුදා සමඟ එක්ව ඉරාකයේ සිදු කරන ලද මෙහෙයුම් 137 කදී අවම වශයෙන් ISIS ත්‍රස්තවාදීන් 30 දෙනෙකු මිය ගොස් තවත් 74 දෙනෙකු අල්ලා ගෙන ඇත.

ඉරාකයේ සහ සිරියාවේ මෙහෙයුම් හේතුවෙන් ISIS ජ්‍යෙෂ්ඨ නායකයින් 8 දෙනෙකු ඝාතනයට ලක් වූ අතර, තවත් 32 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(rudaw.net බැග්ඩැඩ් නුවර)

RECOMMEND POSTS