චීන ජනපති - තුර්කි ජනපති හමුවක්



චීන ජනාධිපති ෂී ජින්පිං, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, පසුගිය දා කසක්ස්තානයේ අස්තානා අගනුවරදීය.

මෙම හමුව පැවැත්වූයේ ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට සමගාමීවය.

චීනය සහ තුර්කිය දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කොට, ඉහළ මට්ටමේ සම්බන්ධතා තර කරමින් දෙරට උපායමාර්ගික සහයෝගිතා සබඳතාවේ පුළුල් වර්ධනයක් සහතික කළ යුතු බව ෂී ජින් පිං එහිදී පෙන්වා දුන්නේය.

තම රටේ ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමේදී චීනයේ සහය තුර්කියට  හිමිවනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කොට යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සහයෝගිතා ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යාමට ද චීනය සහය වන බව ෂී ජින් පිං පැවැසූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

CRI Online
China Media Group


RECOMMEND POSTS