මුස්ලිම් පල්ලියක වෙඩි තැබීමකින් 4ක් මරුට



ඕමානයේ මුස්ලිම් පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් පකිස්තාන ජාතිකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වර්තා වේ.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරිහු පවසති.

පකිස්තාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉමාම් අලි පල්ලිය ලෙස හැඳින්වෙන අලි බින් අබි තලිබ් පල්ලියේදී බවයි.

වෙඩි තැබීමට සම්බන්ධ තුවක්කුකරුවන් තිදෙනෙකුද ජීවිතක්ෂයට පත් වී ඇත.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ මුස්ලිම් ජාතිකයන් වාර්ෂික චාරිත්‍රයක් පවත්වමින් සිටියදීය.

"ඕමාන් රජය විසින් ප්‍රහාරකයින් ඝාතනය කිරීම සමබන්ධයෙන් අපි හදවතින්ම සතුටු වෙනවා" යැයි පකිස්තාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

RECOMMEND POSTS