ප්‍රථම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කරයි



තුර්කිය සිය ප්‍රථම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කර ඇති බව වාර්තා වේ.

තුර්කි විද්‍යාඥයන්ගේ දැණුම භාවිතා කරමින් දේශීයව නිෂ්පාදනය කළ චන්ද්‍රකාවක් වීම විශේෂත්වයකි.

ටොන් 4.25ක් බර මෙම චන්ද්‍රිකාව “Turksat 6A“ ලෙස නම් කර ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කේප් කැනවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් SpaceX හි Falcon 9 රොකට්ටුව මගින් සඳුදා (ජුලි 08)පස්වරු 7.30 ට අභ්‍යාවකාශ ගත කර ඇත.

වසර 15ක කාලයක් තුර්කිය, යුරෝපය, උතුරු අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාව ආවරණය කරමින් රූපවාහිනි, ගුවන්විදුලිය සහ හදිසි සන්නිවේදනය සඳහා බිලියන 4.5 ක ජනතාවකට සේවය කරනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අන්කාරා නුවර)

RECOMMEND POSTS