පාසල් ආපනශාලාවට තහනමක්



කුවේට් පාසල් ආපනශාලා තුල ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, මෙයොනීස්, කැන්ඩි සහ සිසිල් බීම විකිණීම තහනම් කර ඇති බව වාර්තා වේ.

නව පාසල් අධ්‍යන වර්ෂය ආරම්භයත් සමඟ නව ක්‍රියාමාර්ග කිහිපයක් කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට යයි.

පාසල් ආපනශාලා තුළ විකිණීමට සහ පරිභෝජනය සඳහා ආහාර වර්ග කිහිපයක් අමාත්‍යාංශය අනුමත කර ඇත.

සියලු වර්ගවල සිසිල් බීම, සියලුම පළතුරු යුෂ ටින්, ක්රීඩා බීම සහ ආහාර, ශක්තිජනක පාන සහ ආහාර, චුවිංගම්, ලොලිපොප්, කැන්ඩි සහ රසකැවිලි, සොසේජස් වැනි ප්‍රංශ ෆ්රයිස් සහ සැකසූ මස්, අච්චාරු, මෙයොනීස් සහ අධික මේදය සහිත සෝස්අමාත්‍යාංශය තහනම් කර ඇති ලයිස්තුවට අයත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS