කටාරයේ මැදිහත්වීම අසාර්ථකයි



රුසියන් යුක්රේන යුද්ධය නවත්වා, සටන් විරාමයකට ගොස්, පසුව එම අර්බුදයට ස්ථිරසාර දේශපාලන සෙවීමට කටාර් රාජ්‍යය මැදිහත් වුවත්, එය අසාර්ථක විය.

කටාර් බලධාරීන් උත්සාහ ගත්තේ, රුසියන් සහ යුක්රේන නියෝජිතයන් දෝහා නුවරට ගෙන්වා සාකච්ඡා පැවැත්වීමටය. අර්බුදයට කටාරය මැදිහත් වීම සම්බන්ධයෙන් රුසියාවේත් යුක්රේනයේත් යහපත් ප්‍රතිචාර ලැබී තිබුණු අතර, සාකච්ඡාවලට සහභාගීවීමට දෙපාර්ශ්වය කැමැත්ත ද පළ කර තිබුණු බව පැවැසෙයි.

කෙසේ නමුත් සාකච්ඡා පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී,රුසියන් හමුදා යුක්රේනයේ බලශක්ති බලාගාරවලට පහරදුන් අතර, යුක්රේන හමුදා රුසියන් දේශසීමා හරහා රුසියාවට අයත් කුර්ස්ක් පළාතේ ගම්මාන කීපයක් අල්ලා ගත්තේය. ඒ අනුව සාකච්ඡා අසාර්ථක විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS