බුද්ධිමතුන්ට පුරවැසිභාවය



 

සෞදි අරාබිය බුද්ධිමතුන්ට පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, පර්යේෂකයන්, නවෝත්පාදකයින්, ව්‍යවසායකයින් සහ සුවිශේෂී විශේෂඥතාවයන් සහ විශේෂත්වයන් සහිත කීර්තිමත් දක්ෂයින් රැසකට සෞදි පුරවැසිභාවය ලබාදීම සඳහා සෞදි රජු රාජකීය නියෝගයක් නිකුත් කර ඇත.

2030 දැක්මේ ඉලක්ක සපුරාගැනීම සඳහා නිර්මාණශීලී බුද්ධිමතුන් සිය රට තුළට ගෙන්වා ගැනීමට සෞදි රජු කටයුතු කරයි.

ආර්ථික සංවර්ධනය, සෞඛ්‍යය, සංස්කෘතිය, ක්‍රීඩාව සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල දක්ෂයින් ආකර්ෂණය කරගැනීම සඳහා 2021දී මෙවැනිම ආකාරයේ රාජකීය නියෝගයක් සෞදි රජු නිකුත් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS