ගුවන් මගීන් 276 දෙනෙකු සමඟ ගිනි අරන්



සෞදි ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් ගුවන් මඟින් 276 දෙනෙකු සමඟ ගිනිගෙන ඇති බව වාර්තා වේ.

ගුවන්යානය රියාද් නුවර සිට පකිස්තානයේ පෙෂාවර් නුවර බලා පියාසර කරමින් තිබු අතර, බචා ඛාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන්යානය ගොඩබස්සන අවස්ථාවේදි ගිනිගෙන ඇත.

වහාම ක්‍රියාත්මක වු ගිනිනිවන භටයින් ගින්න නිවාදැමීමට කටයුතු කළ අතර, ගුවන් මගීන් 276 දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 හදිසි ස්ලයිඩයක් භාවිතයෙන් ආරක්ෂිතව ඉවත් කර තිබේ.

බචා ඛාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි ප්‍රතිචාරය හේතුවෙන් විශාල ව්‍යසනයක් වළක්වා ගැනීමට හැකි විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS