අවන්හල් හතරක් වසා දමයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අල් ෆුජයිරා නගරයේ අවන්හල් හතරක් වසා දැමීමට නගරසභාව කටයුතු කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල නොවීම හේතුවෙන් නගර සභාව අවන්හල් හතර වසාදැමීමට කටයුතු කර ඇත.

සේවකයින්ගේ සෞඛ්‍ය කාඩ්පත් සහ සහතික නොමැතිවීම, නිල ඇඳුම් අනුකූල නොවීම සහ අත්වැසුම් සහ හිස් ආවරණ නොමැති වීම අවන්හල් පරීක්ෂා කිරීමේදි සොයා ගෙන ඇත.

නගර සභාව පරීක්ෂා කිරීම් 1,285ක් සිදුකර ඇති අතර, සෞඛ්‍ය උල්ලංඝනය කිරීම් 143 ක් සොයාගෙන තිබේ.

පාරිභෝගික පැමිණිලි 43 ක් ලැබීමෙන් පසු උල්ලංඝනය කරන්නන්ට අනතුරු ඇඟවීම් 508 ක් නිකුත් කර ඇත.

මෙම පරීක්ෂා කිරිම්වලදි කල් ඉකුත් වූ සහ නරක් වූ ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 603 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS