හෂීස් කිලෝ ග්‍රෑම් 226 ක් ප්‍රවාහනය කරලා



සාජා නුවර තුළ විකිණීම සඳහා රැගෙන යමින් තිබු හෂීස් කිලෝග්‍රෑම් 226ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කිරිගරුඬ ඵලක තුළ සඟවා හෂීස් මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ ආසියාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව සාජා පොලීසිය ප්‍රකාශ කළේ ය.

සාජා නුවර පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුව ජාවාරම්කරුවන්වඅත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව හඳුනා ගැනීමටත්, ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමටත්, කලාපීය සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන් සමඟ ඇති සම්බන්ධතා තහවුරු කර ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කළ බව සාජා පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - සාජා නුවර)

RECOMMEND POSTS