32,625කට උසස් අධ්‍යාපන වරම්



ඕමානයේ අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් 32,625කට අවස්ථාව හිමි වී ඇති බව වාර්තා වේ.

රජයේ සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් ලත් සිසුන් සඳහා 2024-2025 අධ්‍යයන වර්ෂය තුළ අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා 32,625 කට අවස්ථාව ලබා දී ඇත.

රජයේ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන සඳහා සිසුන් 20,449ක්ද, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා සිසුන් 11,573 ක්ද, විදේශීය අධ්‍යාපනය සඳහා සිසුන් 603 ක් සුදුසුකම් ලබා ඇති බව උසස් අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන ප්‍රවේශ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, අහමඩ් මොහොමඩ් අල් අස්රි ප්‍රකාශ කළේ ය.

කෘතිම බුද්ධිය (AI),තිරසාර පද්ධති ඉංජිනේරු,සයිබර් ආරක්ෂාව, හදිසි වෛද්‍ය සේවා, දෘශ්‍ය සන්නිවේදන නිර්මාණකරණය, වරාය කළමනාකරණය සහ තිරසාර නැව්ගත කිරීම,ජාත්‍යන්තර ව්‍යාපාර පරිපාලනය, විද්‍යුත් ව්‍යාපාරසහ තවත් විෂයන් කිහිපයක් යටතේ අධයාපන කටයුතු සිදුකිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

RECOMMEND POSTS