​ බිම්බෝම්බ 431,838ක් ඉවත් කරයි



යේමනයේ යුධගැටුම් පවතින ප්‍රදේශවලින් බිම්බෝම්බ 784ක් පෙබරවාරි මුල් සතිය තුල  ඉවත් කර ඇති බව වාර්තා වේ.

පුද්ගල නාශක බෝම්බ 3ක්, යුධ ටැංකි නාශක බෝම්බ 129ක්, පුපුරා නොගිය උණ්ඩ 623 ක් සහ පුපුරණ ද්‍රව්‍ය 29 ක් සොයාගෙන ඇත.

යේමනයේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය “Masam“ නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, මේවනවිට ව්‍යාපෘතිය මඟින් බිම්බෝම්බ 431,838ක් ඉවත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS