කටාර් ගුවන් යානයකුත් වායු කැලඹීමකට හසුවෙලා



කටාර් සිට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දක්වා පියාසර කරන්න වූ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ද වායු කැලඹීමකට හසුවිය. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෝයිං බී 787-9 වර්ගයේ එම එම ගුවන් යානයේ සිටි 12 දෙනකු තුවාල ලැබූ බවය. යානයේ මගීන් 6 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 6 දෙනකු මෙසේ තුවාල ලැබූ බව ද පැවැසෙයි.

යානය ආරක්ෂිතව ගොඩබෑමට නියමුවන්ට හැකිවිය. 


RECOMMEND POSTS