ගුප්ත අත්පොත - Voynich



වසර 600 ක්‌ පමණ පැරණි මෙම අත්පිටපත ලෝකයේ වඩාත් ගුප්ත අත්පිටපත ලෙස සලකනු ලැබන අතර දුර්ලභ පැළෑටි, තාරකාවන් පිළිබඳව පමණක්‌ නොව මිනිසුන්ගේ වඩාත් තේරුම්ගත නොහැකි හැඩතල පිළිබඳවත් මෙම කෘතියෙන් තොරතුරු සපයා ඇත.

පිටු 246කින් සමන්විත මෙම කෘතියේ අන්තර්ගත පැළෑටි සහ නග්න කාන්තා රූපවලටත් කිසියම් අද්භූත බලයක්‌ ඇතැයි විශ්වාසයක් පවතී. 2009 වසරේදී ඇමරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් විසින් මෙම අත්පිටපතේ කාලනිර්ණය පිළිබඳව අධ්‍යනයන් ආරම්භ කළහ. ඔවුන්ගේ කාබන් පරීක්‌ෂණ වලට අනුව මෙම අත්පිටපතේ ඇතැම් පිටු ක්‍රි. ව. 1404 සහ 1438අතර කාලයේදී නිර්මාණය වී ඇති බව සොයාගෙන ඇත.

ඉතාලි පුනරුද සමයේ නිර්මාණය කරන ලදැයි අනුමාන කෙරෙන මෙහි බොහෝ පිටු නවා, පොතට ඇතුළත් කර ඇති හෙයින් ඒවා දිග හැර කියවීමට සිදුව ඇත. බොහෝ පිටුවල සිතුවම් ඇඳ ඇති අතර ඒ වෙනුවෙන් පුද්ගලයන් කණ්‌ඩායමක්‌ විසින් දායකත්වය දක්‌වා ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. මෙහි අක්‌ෂර සාමාන්‍ය මිනිසාට ආගන්තුක හෙයින් එය ගුප්තබවක්‌ ආරෝපනය කිරීමට මෙන්ම තවත් විටෙකදී ඔවුන්ගේ හඳුනාගැනීමට අනුව පිටසක්‌වළ අමුත්තන් පොළවට පැමිණි විට සිදු කළ අධ්‍යනයන් පිළිබඳව තබා ඇති සටහන් එකතුවක්‌ ලෙසින්ද සලකන අතර ඒ නිසාම මෙම අත්පිටපත " මැජික්‌ පොත " ලෙසින් සැලකීම සුදුසු බවත් සඳහන් කර තිබේ.

ඇමරිකාවේ චිකාගෝ නුවර මැක්‌රෝන් පර්යේෂණායතනයේ විශේෂඥයන්ගේ හඳුනා ගැනීම් අනුව මෙම අත්පිටපත සඳහා යොදා ගන්නා ලද තීන්ත ඉපැරණි මධ්‍යතන යුගයට අයත් බව හඳුනා ගෙන ඇත. මෙම පොතට වොයිනික්‌ Voynich යනුවෙන් නම් තබා ඇත්තේ ඉතාලි දේවස්‌ථානයකිනි. මෙම අත්පිටපත හමු වී ඇත්තේ "විල්ප්‍රඩ් වොයිනික්‌" නමැති පෝලන්ත ජාතික පොත් වෙළෙන්දාටය. 1969 වසරේදී ඔස්‌ටේ්‍රලියානු ජාතික පොත් වෙළෙන්දෙක්‌ වූ "හාන්ස්‌ පී ක්‍රවුස්‌" විසින් මෙම අත්පිටපත යේල් විශ්වවිද්‍යාලයේ දුර්ලභ එකතුන් වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී.

පසුගිය දිනක පරිගණක විශේෂඥයන් විසින් පෙන්වා දෙන අන්දමට වොයිනික්‌ අත්පිටපත හීබ්‍රෑ භාෂාවෙන් රචනා කරන ලද බව උපකල්පනය කළත් මෙය රචනා කිරීමේදී ප්‍රාණාක්‌ෂර ඉවත් කර රචනා කර ඇති නිසා එහි අන්තර්ගතය පිළිබඳව පැහැදිලිව හඳුනා ගැනීමට අපහසු වී තිබේ. මෙම වොයිනික්‌ අත්පිටපත පාදක කර ගෙන අධ්‍යනයන් තව දුරටත් ඉදිරියට ගෙන යන ඇමරිකා එක්‌සත් ජනපදයේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ පරිගණක විශේෂඥ "ග්‍රෙග් කොන්ඩාර්ක්‌" ප්‍රමුඛ පර්යේෂකයන් විසින් මීට ඉහතදී සිදු කරන ලද අධ්‍යනයන්ද පාදක කර ගෙන "වොයිනික්‌" Voynichඅත්පිටපත පිළිබඳ රහස්‌ අනාවරණය කර ගැනීමට වෙහෙසුනහ. මීට පෙරාතුව ගුප්ත ලේඛන පිළිබඳ පර්යේෂකයන්ගේ හඳුනා ගැනීම අනුව මෙහි අන්තර්ගතව ඇත්තේ අරාබි භාෂාවක්‌ යෑයි උපකල්පනය කර තිබුණි.

ඒ අනුව, ග්‍රෙග් කොන්ඩාර්ක්‌ ඇතුළු පර්යේෂකයන්ගේ කණ්‌ඩායමට මෙම අත්පිටපත රචනා කර ඇත්තේ හීබ්‍රෑ භාෂාවෙන් බැව් හඳුනා ගැනීමට හැකියාව ලැබුණි.(තවමත් සනාත කර නැත) තවත් අදහසකට අනුව මෙම අත්පිටපත ලියනාඩෝ ඩාවින්සිගේ ළමා අවදියේදී නිර්මානය වන්නනට ඇතැයිද සැකයක්‌ පවතී.

ඊශ්‍රායලයේ සැඟව සිටි ගෝත්‍රයක්‌ විසින් හෝ ඇස්‌ටෙක්‌වරුන් විසින් වොයිනික්‌ අත්පිටපත රචනා වන්නට ඇතිය විශ්වාස කරන නිසා "ඉන්දියානා ජෝන්ස්‌" නවකතාවේ වස්‌තු බීජ ලෙසින්ද මෙම අත්පිටපත යොදා ගෙන ඇත. දර්ශනවේදින්ගේ මැණික ලෙසින් කල්පිතයේ පවතින 'Philosopher's Stone' මාණික්‍යයට ඕනෑම රසායනික සංයුතියක්‌ වෙනස්‌ කිරීමට මෙන්ම එහි රහස්‌ දැනගැනීමේ හැකියාව ඇතැයි විශ්වාසයක්‌ පවතී. කෙසේ වුවත් මෙය සත්ව සම් මත ලියා ඇති පිටු 246 කින් සමන්විත පොතක් වන අතර සෑම පිටුවකම පාහේ උද්භිද විද්‍යාත්මක, විවිධ සංකේතාත්මක මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක චිත්‍ර ඇතුලත් වේ. කොළ, දුබුරු, කහ, නිල් සහ රතු වර්ණවල තීන්ත මේ සදහා භාවිතා කර ඇත.

මෙහි ඇති චිත්‍ර වලට අනුව ප්‍රධාන අංශ 6 ක් යටතේ වර්ග කර ඇත.

1. මෙතෙක් හදුනානොගත් පැලෑටි 113 ක් ඇතුලත් උද්භිද විද්‍යාත්මක චිත්‍ර.

2. රාශි චක්‍රය, තාරකා ප්‍රස්තාර ඇතුලත් තාරකා විද්‍යාත්මක සහ ජ්‍යොතිෂ චිත්‍ර.

3. ඉදිමුනු උදරය සහිත, තරලවල ගිලී අන්තර් සම්බන්ධිත නල හා කැප්සූල මගින් අන්තර් සම්බන්ධිත කුඩා, නිරුවත් කාන්තා චිත්‍ර අඩංගු වෛද්‍ය විද්‍යාත්මක චිත්‍ර.

4. විශ්වවේදයට අයත් විච්ත්‍ර වූ පදක්කම් නවයක්.

5. රතු, නිල්, කොළ පැහැ භාජන වල ඇති විවිධ ඖෂධීය පැලෑටි සහ මුල් 100 කට වඩා අඩංගු චිත්‍ර.

6. තරු වැනි මල් චිත්‍රනය කොට ඇති කොටස. මෙහි ඇත්තේ බොහෝවිට යම් වට්ටෝරු වර්ගයක් විය හැක.

තවත් සමහර පර්‍යේශකයන් පවසන පරිදි වොයිනිච් අත් පිටපත යනු කේත කරන ලද අක්ශර රටාවක් වේ. එහි පටුනක් අඩංගු නොවන අතර එහි සමහර පිටු බොහෝ කලකට පෙර අතුරුදහන් වූවා විය හැක. පිටු අංක වල හිදැස් දක්නට ඇත. අක්ශර 25 ක් හෝ 30 ක් අතර ඉතා අලංකාර අක්ශර වමේ සිට දකුණට කෙටි චේද ලෙසින් දිවෙන සවිස්තරාත්මක විස්තර මෙහි අඩංගු වේ.

ඉහතින් සදහන් කල පරිදි මෙය බොහෝ පර්‍යේශකයන්ට අනුව ඉතාමත් අභියෝගාත්මක මෙන්ම දුශ්කර පරිවර්තනයකි. එනම් එහි අඩංගු අක්ශර, භාශාව හෝ කේත තවමත් හදුනා ගැනීමට ඔවුන් අසමත් වී ඇත. දීර්ඝ උත්සාහයකින් පසු පර්‍යේශකයන් මේ කේත නවීන භාශාවන් හා ගැලපීමේදී මෙහි 80% පමණ හීබෲ භාශාවෙන් ලියා ඇති බව ප්‍රකාශ කලහ. නමුත් මෙය හීබෲ භාශාව දන්නා පුද්ගලයින් විසින් පරීක්ශා කලත් ඔවුනට එහි කේත හදුනා ගත නොහැකි විය.

අවසානයේ පලමු පිටු 10 ගූගල් පරිවර්තනයට යොමු කල ඔවුන් ප්‍රකාශ කලේ ඒවායේ අමුතු අර්ථයක් ඇතත් ඒවායින් යම් අර්ථයක් ලබා දෙන බවයි. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මෙය කාන්තාසෞඛ්‍ය සම්බන්දව ලියවූ අත් පිටපතක් විය හැකි බවයි.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS