සිරගෙදරින් මත්ද්‍රව්‍ය-පිහි-කිනිසි මතුවෙයි



කුවේටයේ බන්ධනාගාරයක් තුළ සිදුකළ හදිසි සෝදිසි කිරීමකින් නීතිවිරෝධි භාණ්ඩ විශාල තොගයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මත් ද්‍රව්‍ය, පිහි, කිනිසි, ජංගම දුරකථන සහ වෙනත් ද්‍රව්‍ය සඟවා තිබියදී සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකි වී තිබේ.

සිරකරුවන් ඉවත් කර වාට්ටු තුළ සිදුකළ පුළුල් සෝදිසි කිරීමකදී නීති විරෝධී භාණ්ඩ සොයා ගෙන ඇති අතර, ඒවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙම භාණ්ඩ බන්ධනාගාරය තුළට ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS