ඊශ්‍රායලයට දෙන අවි සීමා කරයි



බ්‍රිතාන්‍ය ඊශ්‍රායලයට අවි ආයුධ අපනයනය කිරීමේ බලපත්‍ර 30 ක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එරට විදේශ ලේකම්, ඩේවිඩ් ලැමී මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.  

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් දිගින් දිගටම ගාසා පලස්තීන සිවිල් වැසියන් මියයෑම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව බි්‍රතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී අවධාරණය කර ඇත.

මහා බ්‍රිතාන්‍යය ඊශ්‍රායලයට අවි ආයුධ අපනයනය කිරීම සඳහා බලපත්‍ර 350 ක් ක්‍රියාත්මක කරයි.

එයින් තාවකාලිකව අත්හිටුවන්නේ, විනාශකාරී අවි ආයුධ අපනයනය කිරීමේ බලපත්‍ර 30 ක් යැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS