අරාබි ජාතිකයා මුදා ගැනෙයි



ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි 52 හැවිරිදි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් විය. 

කායිඩ් ෆරාන් අල් කාඩී නමැති මෙම ඊශ්‍රායල වැසියා, ඊශ්‍රායලයේ පදිංචි බෙඩොයීන් නමැති අරාබි ජාතිකයෙකි.

කායිඩ් ෆරාන් අල් කාඩී ද හමාස් ග්‍රහණයට හසුවූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් අනතුරුවය. ඊශ්‍රායල හමුදා සෙබළුන්ට අල් කාඩී හමුවී ඇත්තේ ගාසා තීරයේ හමාස් සටන්කාමින් භාවිතයට ගන්නා උමඟක් තුළින් යැයි ද පැවැසෙයි.

අල් කාඩී, ඊශ්‍රායලයේ, රහාත් නමැති අරාබි නගරයේ වැසියෙකි. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට හමාස් සටන්කාමීන් කඩා වැදී පහර දේදදී, මොහු එක් නිවසක මුරකරුවකු ලෙස රැකියාව කරමින් සිට ඇත. අල් කාඩී, හමාස් ග්‍රහණයට හසු වූයේ ඒ අනුවය. 

ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්නාමීන් ප්‍රාණඇපයට ගෙන, ගාසා තීරයට ගෙනගිය ඊශ්‍රායල වැසියන් ගණන 250 කට වැඩිය. ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,100 කි.

ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඉන් පසුවය. එම ප්‍රහාරවලින් මේ වනවිට ගාසා වැසියන් 45,000 ක් මියගොස් ඇති අතර, මිලියන 2.3 කට උන්හිටිතැන් අහිමිවී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS