හවුති සටන්කාමීන්ට ඇමෙරිකාව පහර දෙයි



නව අවුරැදු උදාවත් සමඟ, රතු මුහුදේ යේමනයේ හවුති සටන්කාමීන්ට අයත් නාවික යාත්‍රා තුනකට ඇමෙරිකන් හමුදාව පහර දුන් දුන්නේය. හවුති සටන්කාමීන් පවසා ඇත්තේ, ඇමෙරිකන් හමුදා එල්ල කළ එම ප්‍රහාරයෙන් තම සාමාජිකයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.

යේමනයේ හවුති සටන්කාමීන් සහ ඇමෙරිකන් හමුදා අතර ගැටුම් ආරම්භ වී ඇත්තේ, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ගැටුම් උත්සන්න වීමත් සමඟය. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හවුති සටන්කාමීන් සහාය දක්වන්නේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පීඩාවට පත් ගාසා තීරයේ මුස්ලිම් පලස්තීන වැසියන්ටය.

ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී ඇමෙරිකාව කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය දක්වයි. මෙය හවුති සටන්කාමීන්ගේ විරෝධයට හේතුවක් වී ඇති අතර, හවුති සටන්කාමීන් සහ ඇමෙරිකාව අතරේ විරසකයකට එය හේතුවක් වී තිබේ.

යේමනයේ හවුති සටන්කාමීන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා එල්ල කරන්නේ, ඊශ්‍රායලයට අයත් නැව්වලට පහර දෙමිනි.

යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටත් රතු මුහුදේ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමටත් ඇමෙරිකාව පියවර ගෙන ඇත්තේ තවත් රටවල් සමඟ අත්වැල් බැඳගෙනය. එම රටවල් අතරේ, බහරේනය, කැනඩාව, සීෂෙල්ස්, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉතාලිය සිටී.


RECOMMEND POSTS