හවුති සටන්කාමීන් සමඟ පැටලෙන්නේ නෑ



යේමනයේ ක්‍රියාත්මක, ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර, සම්බාධක පනවා, ඔවුන් අඩපණ කිරීමට දිගින් දිගටම පහර දුන්නත්, ඇමෙරිකාව හවුති සටන්කාමීන් සමඟ යුද්ධයක පැටලී නැතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

හවුති සටන්කාමීන් ඉරානයෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වී සිටිති. හවුති සටන්කාමීන්ගේ නැගී සිටීම සිදුවූයේ 2011 වසරේ යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟය.

යේමන සටන්කාමීන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරන්නේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS