ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන්කාමීන් 47 ක් මැරිලා



මේ වනවිට ඊශ්‍රායල හමුදා සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතරේ ද දරුණු ගැටුම් පවතී. ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයට සහාය දෙන්නේ ඉරානයයි. ගාසා තීරයේ හමාස් සංවිධානයට හිස්බුල්ලා සහාය හිමිවෙයි.

ඊශ්‍රායල ලෙබනන දේශසීමාවේ පැවැති ගැටුම්වලින් තම සටන්කාමීන් 47 දෙනකු මියගොස් ඇති බව හිස්බුල්ලා සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එසේ වුවත්, තම සටන්කාමීන් දේශසීමාවේ දිගටම ඊශ්‍රායලය සමඟ ගැටෙන බව ද හිස්බුල්ලා සංවිධානය පවසා ඇත.


RECOMMEND POSTS