කුවේට් පාපන්දුවට නව කළමනාකරුවෙක්



කුවේට් ජාතික පාපන්දු කණ්ඩායමේ නව කළමනාකරු (ප්‍රධාන පුහුණුකරු) ලෙස ආර්ජන්ටිනාවේ පුහුණුකරු ජුවාන් පීසි පත් කළ බව කුවේට් පාපන්දු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් නිවේදනය කළේ ය.

කුවේට් ජාතික පාපන්දුකණ්ඩායම මුහුණ දෙන වත්මන් අභියෝග ජය ගැනීමට මෙම පත්කිරීම පිටිවහලක් වනු ඇති බවට කුවේට් පාපන්දු සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

කුවේට් කණ්ඩායමට කළමණාකරුවෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස නායකත්වය ලබාදීමට හැකිවීම ගෞරවයක් ලෙස සලකන බව පීසීමාධ්‍ය හමුවේදී  ප්‍රකාශ කළේය.

තවද, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ජෝර්දානයට එරෙහි තරඟයට දින 10 කට පෙර එනම් 2024 අගෝස්තු 24 වන දින පුහුණුකිරීම් ආරම්භ කරන බවවැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS