අධිකරණය බිරිඳට අපූරු පාඩමක් උගන්වයි



සිය සැමියාගේ ඇඳුම් විනාශ කළ කාන්තාවකට එමිරේටයේ රාස් අල් කයිමා අධිකරණයක් ඩිරාම් 5,000ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.

පවුල් ආරවුලකින් පසු සිය සැමියාගේ ඇඳුම් සහ සුවඳ විලවුන් වලට හානි කිරීමට කාන්තාව කටයුතු කර ඇත.

සියළුම සාක්ෂි ඡායාරූප මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට සැමියා කටයුතු කර ඇත.

දඩයට අමතරව ඊට අදාළ සියලුම නීති ගාස්තු ගෙවන ලෙසද අධිකරණය කාන්තාවට නියෝග කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS