ඊජිප්තු ජනාධිපතිවරණය අද



ඊජිප්තු ජනාධිපතිවරණය අද (10) ආරම්භ වෙයි. ජනාධිපති ෆාටා අල් සීසී සිය තෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී. ජනාධිපතිවරණය තිදෙනක් තිස්සේ පැවැත්වෙනු ඇත.

ෆාටා අල් සීසී ඊජිප්තුවේ බලයට පැමිණියේ එරට හමුදාපති ලෙස හමුදා කුමන්ත්‍රණයකිනි. අල් සීසී පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය කළේ සිවිල් වැසියකු ලෙස ඉදිරිපත් වෙමිනි.

ඊජිප්තුව ආර්ථික අර්බුදවලට මුහුණ දෙයි. ඊජිප්තුවට විදෙස් ආධාර නොඅඩුව හිමිවීම රටේ ආර්ථිකයට ශක්තියක් වී ඇත.

විදේශවල සිටින ඊජිප්තු වැසියන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලැසිණි. ඒ, ඊජිප්තු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල පහරහා පසුගිය දෙසැම්බර් 1 සිට 3 දක්වා කාලයේදීය.


RECOMMEND POSTS