කාන්තා සංගීත කණ්ඩායමක් පිහිටුවයි



ඕමානයේ රාජකීය හමුදාව කාන්තා සංගීත කණ්ඩායමක් පිහිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඕමාන් කාන්තාවන්ගේ කාර්යභාරය සහ දේශීය හා ජාත්‍යන්තර උත්සවවලදී ඔවුන්ගේ දක්ෂතාවන් කැපී පෙනෙන ආකාරයෙන් ඉස්මතු කිරීම ප්‍රධාන අරමුණ වේ.

කාන්තා සංගීත කණ්ඩායම පිහිටුවීමේ අවස්ථාවට ඕමාන් සන්නද්ධ බලකායේ මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අබ්දුල්ලා ඛාමිස් අල් රයිසි සහභාගි විය.

මෙම අවස්ථාවට සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

RECOMMEND POSTS