කුවේට් ගින්න 49 ක් බිලි: මියගියේ විදෙස් ශ්‍රමිකයෝ



කුවේටයේ, මැන්ගාෆ් දිස්ත්‍රික්කයේ, විදෙස් ශ්‍රමිකයන් නවාතැන්ගෙන සිටි මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට 49 දෙනෙක් බිලිවූහ. ඔවුන්ගෙන් 21දෙනකු ඉන්දියානුවන් බව පැවැසෙයි.

ගින්න හටගන්නා අවස්ථාවේදී විදෙස් ශ්‍රමිකයෝ 160 කට වැඩි පිරිසක් ගොඩනැගිල්ලේ සිට ඇත.

කුවේට් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් ෆහාද් අල් සාබා, ගොඩනැගිල්ල පිහිටි ස්ථානයට ගොස් සිදුවූයේ කුමක්දැයි විමසා බැලුවේය.

ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගන්නැයි උපදෙස් දුන්නේය. විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ද කුවේට් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් ෆහාද් අල් සාබා උපදෙස් දී ඇත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS