ජෝර්දාන කුමරිය ගැනත් කසුකුසුවක්



ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වෙද්දී, ඊශ්‍රායල අසල්වැසියා ජෝර්දාන රාජකීය ගුවන් හමුදාව ද එම මිසයිලවලින් සහ ඩ්‍රෝන යානාවලින් කොටසක් පහර දී ගුවනේදීම විනාශ කළේය. 

ජෝර්දාන​යේ අබ්දුල්ලා රජු සහ රියානා රැජිනගේ තෙවැනි දරුවා වන, සලාම් බින් අබ්දුල්ලා කුමරිය ද ජෝර්දාන රාජකීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා නියමුවරියකි. 23 හැවිරිදි ඇය ජෝර්දානයේ පළමු කාන්තා ගුවන් නියමුවරිය ද වන්නීය. සලාම් බින් අබ්දුල්ලා කුමරිය රාජකීය ගුවන් හමුදාවට බැදුණේ 2000 වසරේදීය.

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වෙද්දී, ප්‍රහාරක යානා නියමුවකු ලෙස, සලාම් බින් අබ්දුල්ලා කුමරිය ගුවනේ විස්කම් පෙන්වමින්, ඉරාන ඩ්‍රෝන යානා 5 ක් පහර දී විනාශ කළේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් පැතිර යයි.

මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත සොයා බලද්දී දැන ගන්න ලැබී ඇත්තේ, සලාම් බින් අබ්දුල්ලා කුමරිය ප්‍රහාරක යානා නියමුවරියක වුවත් පසුගිය 13 වැනිදා ඉරාන ඩ්‍රෝන යානා පහර දීමේ වික්‍රමයට ඇය සම්බන්ධ නොවුණු බවය.


RECOMMEND POSTS