’මජිඩ්’ ළමා සඟරාවේ කතෘ මියයයි



ජනප්‍රිය ළමා සඟරාවක් වන ‘මජිඩ්’ හි පළමු ප්‍රධාන කර්තෘවරයා ලෙස ප්‍රකට ඊජිප්තු මාධ්‍යවේදී අහමඩ් ඕමාර් වයස අවුරුදු 85දී මිය ගිය බව වාර්තා වේ.

ඕමාර් උපත ලැබුවේ 1939 සැප්තැම්බර් 25 වැනිදා ඊජිප්තුවේ වන අතර, උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු “Al Ittihad“ එමිරාටි පුවත්පතට සම්බන්ධ විය.

ඔහු 1979 දී 'මජිඩ්' සඟරාවේ ප්‍රධාන කර්තෘ ධූරයට පත් විය.

ඔමාර් වසර 25 කට ආසන්න කාලයක් සඟරාව අධීක්‍ෂණය කළ අතර, සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර ගනිමින් සම්මාන දිනා ගත්තේය.

සඟරාවේ මාතෘකාව සහ එහි ප්‍රධාන චරිතයේ නම, සුප්‍රසිද්ධ අරාබි නාවිකයෙකු වන අහමඩ් ඉබ්න් මජිඩ්ගෙන් ලබාගෙන ඇත.

එමිරේට්ස් සහ අරාබි දරුවන්ගේ දැනුම වැඩිදියුණු කරන ප්‍රවෘත්ති, තොරතුරු සහ කථා සැපයීමට කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS