වෙළඳපොල නිරීක්ෂණයට කණ්ඩායම්



ඕමානය තුළ අලෙවි කරන භාණ්ඩ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් පිහිටුවා ඇති බව වාර්තා වේ.

දැනට පවතින වෙළඳපොල තත්ත්වයන් සමඟ කටයුතු කිරීමට මෙම නිරීක්ෂණ කණ්ඩායම් යොදවා ගන්නා බව ඕමාන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ ය.  

නීතිමය ක්‍රියාමාර්ග වළක්වා ගැනීම සඳහා පාරිභෝගික ආරක්ෂණ නීතිය පිළිපදින ලෙස සැපයුම්කරුවන්ගෙන් සහ වෙළෙන්දන්ගෙන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS