සිම්පත සොරාගත්තාට ඩිරාම් 118,600 දඩයක්



පිරිමි පුද්ගලයෙකුට අයත් සිම්පතක් සහ ජංගම දුරකථනයක් සොරකම් කර භාවිතා කළ කාන්තාවකට ඩිරාම් 118,600ක දඩයක්අබුඩාබි පවුල්, සිවිල් සහ පරිපාලන හිමිකම් අධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

ආසියානු කාන්තාවකට රැකියාවට සම්බන්ධ වූ අවස්ථාවේදී ඇයට දුරකථනය සහ සිම් කාඩ්පත ලබා දී ඇත.

නමුත් ඇය සමාගමෙන් ඉවත්ව බොහෝ කලකට පසුවත් දුරකථනය සහ සිම්පත දිගටම භාවිතා කර ඇත.

පැමිණිලිකරුගේ දුරකථනය සහ සිම් කාඩ් පත සොරකම් කර වසර හතරක් තිස්සේ ඔහුගේ අනුදැනුමකින් තොරව එය භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාව සාපරාධී ලෙස වගකිව යුතු බවට අධිකරණය තීරණය කළේය.

සදාචාරාත්මක හානියක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් කාන්තාවට ඩිරාම් 30,000 දඩයක් ද නියම කළ අතර, සියලුම නීතිමය සහ අධිකරණ ගාස්තු ගෙවන ලෙස ඇයට නියෝග කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අබුඩාබි නුවර)

RECOMMEND POSTS