ඊශ්‍රාලයට පහර දෙන්න එපා: බටහිර රටවල් ඉරානයට කියයි



ඊශ්‍රායලය සමඟ යුද්ධයකට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ හිතවතුන් වන ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඉරානයට තර්ජනය කර ඇත.

ඊශ්‍රායලය ඉරානයට පහර දී, දෙරට අතර යුද්ධයක් හටගත්තොත්, එය මැදපෙරදිග කලාපයට පමණක් නොව, මුළු ලෝකයටම තර්ජනයක් වේවි යැයි ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා බටහිර රටවල් පැහැදිලි පෙන්වා දී ඇත.

ඉරානය සහ ඊශ්‍රායලය අතරේ නව අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ගාසා පලස්තීන දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය මුල්කොට ගනිමිනි. ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයට එරෙහිව පහර දීමට සූදානමින් සිටී. 

මේ වනවිටත්, දේශසීමාවේ, ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් අතරේ අවි ගැටුම් පවතී. ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා නායකයන් කීප දෙනකු ද මේ වනවිට ඝාතනය කර ඇත. 

ඊශ්‍රායලයට පහර දෙන ඕනෑම පාර්ශ්වයක් සමඟ ගැටෙන්න තමන් පසුබට නොවන බවත්, ඊශ්‍රායලයට පහර දෙනකල් තමන් බලා සිටින්නේද නැති බවත් ඇමෙරිකාව පවසා තිබේ. මේ වනවිට ඇමෙරිකන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා සහිත යුද නැව් කීපයක්ම මධ්‍යධරණි මුහුදට යැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. ඒ, ඊශ්‍රායලයට එල්ල වන ප්‍රහාරයක් වැළැක්වීමේ අරමුණ ඇතිවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS