දාම ඝාතකයා ඉංග්‍රීසි ගුරුවරයෙක්



ඊජිප්තුවේ කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ ඉංග්‍රීසි ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

“New Cairo Slaughterer”ලෙස ප්‍රාදේශීය මාධ්‍ය හඳුන්වනු ලබන මෙම දාම ඝාතක (Serial Killer) පුද්ගලයා දික්කසාදයෙන් පසු මෑතකදී එක්සත් ජනපදයේ සිට කයිරෝ වෙත සංක්‍රමණය වූ ඉංග්‍රීසි ගුරුවරයෙකු බව වාර්තා වේ.

‘කරීම්’ නමින් පමණක් හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇති බවයි ඊජිප්තු පොලිසිය ප්‍රකාශ කළේ ය.

කාන්තාවන්වතම නිවසට කැඳවීමට පෙර මිත්‍ර වී නිවසටපැමිණි පසු මත්ද්‍රව්‍ය පානය කිරීමට ලබා දී ඝාතනය කර ඇත.

මළ සිරුරු වෙනත් ස්ථානයට සිය මෝටර් රථයෙන් රැගෙන ගොස් ඇති බව ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදි හඳුනාගැනීමට හැකිවී ඇත.

මරා දමා ඇති කාන්තාවගේ සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කයිරෝ නුවර)

RECOMMEND POSTS