එමිරේටය නව ග්‍රහකයක් සොයා ගනී



අබුඩාබි හි ජාත්‍යන්තර තාරකා විද්‍යා මධ්‍යස්ථානය නව ග්‍රහකයක් සොයා ගත් බව නිවේදනය කළේ ය.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක පටිය තුළ මෙම ග්‍රහකය එම මධ්‍යස්ථානයේ කණ්ඩායම් සාමාජිකයෙකු සොයාගෙන ඇත.

ටෙක්සාස් හි Hardin-Simmons විශ්වවිද්‍යාලය, Pan-STARRS දුරේක්ෂය සහ Catalina Sky Survey ව්‍යාපෘතිවැඩසටහනමඟින් ලබා දුන් ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම සොයා ගැනීම සිදු කර ඇති බව අබුඩාබි හි ජාත්‍යන්තර තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ සභාපති, ඛල්ෆාන් බින්සුල්තාන් අල් නුඅයිමි ප්‍රකාශ කළේ ය.

ග්‍රහකය "2022 UY56" ලෙස තාවකාලිකව නම් කර ඇති අතර, එහි නිරවද්‍ය කක්ෂය තීරණය කිරීම සඳහා පුළුල් නිරීක්ෂණ පවත්වන තෙක් වසර කිහිපයක් මෙම නාමය භාවිතා කර අතර,ඉන් පසුව ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය එය විධිමත් ලෙස නම් කරනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අබුඩාබි නුවර)

RECOMMEND POSTS